Saturday, June 2, 2012

සමලිංගිකයෝද මනුෂ්‍යයෝය....


සමලිංගිකයින් යනු කිසිදු හැකියාවක් නොමැති මානසික රෝගීන් පිරිසක් බව සාමාන්‍ය ශ්‍රී ලාංකීය ජන සමාජයේ මතයයි. එහෙත් ඔබ මෙම පුද්ගලයින්ගේ ජීවිත ගැන සොයා බැලුවහොත් එම මතය පුස්සක් බව ඔබට පෙනෙනු ඇත.

                                                                 




රිකී මාටින්(Ricky Martin)
1971දී ඇමරිකාවට අයත් පුවටෝරිකෝ දූපතේ උපත ලද මොහු අදටත් ලොව පුරා ජනප්‍රිය පොප් ගායකයෙකි. ඔහු විසින් මේ වන විට ඇල්බම් මිලියන 60කට අධික ප්‍රමාණ යක් අලෙවි කර
ඇත.වරෙක ලොව සරාගීම මිනිසුන් අතරේ සිටි රිකී මාටින්   2010 දී ඔහු සිය වෙබ් අඩවිය මගින් තමන් සමලිංගිකයෙකු බව ලොවට හෙළිකළේය. 2012දී සිය පෙම්වතා වූ කාලොස් ගොන්සාලෙස්(Carlos Gonzalez) සමඟ විවාහ වූ ඔහුට භාරකාර මවක් හරහා ලබාගත් නිවුන් දරුවන් දෙදෙනෙකුද සිටී.







ඇලන් ටියුරින්( 1912 - 1954)( Alan Turing)
මොහු එංගලන්තයේ සිටි ගණිත්ඟඳයකු, තර්කවේදියෙකු, විකේතකයකු සහ පරිගණක විද්‍යාඥයකු ලෙස විශිෂ්ට සේවාවක් කළ පුද්ගලයෙකි. පරිගණක විද්‍යාවේ දියුණුවට ටියුරින් යන්ත්‍රය හරහා විශාල මෙහෙයක් කළ මොහු බොහෝ විට පරිගණක විද්‍යාවේ සහ කෘතිම බුද්ධියේ පියා ලෙස සැලකෙයි. දෙවන ලෝක යුද්ධයේ මොහු භාවිතා කළ විකේතන ක්‍රම හරහා ජර්මන් රහස් නාවික පණිවුඩ අනාවරණය කර ගත හැකි විය. 1952 දී සමලිංගික චෝදනා මත අත් අඩංගුවට ගෙන නඩුපවරන ලද මොහු 1954 දී සයනයිඩ් විෂ වීමකින් මරණයට පත් විය.2009දී බ්‍රිතාන්‍ය අගමැති ගෝඩන් බ්‍රවුන් විසින් ටියුරින් සමලිංගික චෝදනාමත නඩුපැවරීම ගැන නිල වශයෙන් බ්‍රිතාන්‍ය රජය වෙනුවෙන් සමාව ඇයද සිටියේය.







එල්ටන් ජෝන්( Elton John)
1947 දී එංගලන්තයේ උපත ලද මොහු ලෝක ප්‍රසිද්ධ ඉංග්‍රීසි රොක් ගීත රචකයෙකි, සම්පාදකයෙකි, පියානෝ වාදකයෙකි. ඔහුගේ දශක හතරක ගායන දිවිය තුළ ශබ්දවාහිනී තැටි මිලියන 250කට වැඩි
සංඛ්‍යාවක් අලෙවි කර ඇත. ඔහුගේ "Candle light in the Wind" ලොවපුරා පිටපත් මිලියන 33කට වැඩි ප්‍රමාණයක් අලෙවි වී ඇත.එමෙන්ම සම්මානද වැඩි ප්‍රමාණයක් හිමි කරගෙන ඇත. 1998දී ඔහුට බ්‍රිතාන්‍ය රැජිණගෙන් නයිට් පදවියක් පවා හිමි වූ අතර, 2005දී ඔහු සිය සහකරු වූ ඩේවිඩ් ෆර්නිෂ් සමඟ සබඳතාවක් ඇරඹුවේය.





මේ දැක්වෙන්නේ සමාජයට වැඩදායී ලෙස හැසිරුණු සමලිංගිකයින්ගෙන් තුන්දෙනෙකු පමණි.විකිපීඩියා විශ්වකෝෂයේ පහත දැක්වෙන link එක මගින් ඔබට එවන් පුද්ගලයින්ගේ සියගණනක නාමාවලියක් දැකගතහැකි වේවි.

සමලිංගිකත්වය යනු ඔවුන්ගේ ජීවිතයේ  තවත් එක් පැතිකඩක් පමණකි. සමලිංගිකයින් යනු මානසිකරෝගින් නම් ඔවුන්ට මේ ක්ෂේත්‍රවල මෙතරම් ඉහළට ගමන් කළ හැකිද?

 මොවුන්ගෙන් වැඩිහරියක් බටහිර ජාතිකයින් වන්නේ,එම රටවල මුලදි සමලිංගිකත්වය නීතියෙන් තහනම් කර තිබුණත් දැන් ඒ බාධක සියල්ලම ඉවත් කොට ඇති බැවිනි. අපවැනි සමහර පෙරදිග රටවල කොපමණ සමලිංගිකයින් සිටියත් සමාජ අපහාස, නීතිරාමු වලට බයෙන් සැඟවී සිටින්නට ඔවුන්ට සිදුවී ඇත.

ඔබත් සමලිංගිකයෙක් නම් මොවුන්ගේ චරිත ආදර්ශයට ගන්න. තමන්ගේ හැකියා හඳුනාගෙන ඉදිරියට යන්න.කිසි විටෙක තමන් ගැන කළකිරෙන්න එපා. දුක්වන්න එපා. දිරිමත් වන්න. තමන්ට තනිව ජීවත් වීමට තරම් සුදුසු ආර්ථිකයක් ලැබුණු විට තමන් සමලිංගිකයෙකු බව ඔබේ ඔබේ කැමැත්තනොකැමැත්ත මත ඔබේ හිතවතුන්ට කියන්න. සමහරවිට එසේ නොකියා සිටීම මේ ලාංකීය සමාජය තුළ ඔබ  නොකරන තරමට හොඳය.