Thursday, September 6, 2012

ඔබේ ලිංගිකත්වය ගොඩනැගී ඇති හැටි.


පුද්ගලයකුගේ ලිංගිකත්වය යනු ලිංගික අනන්‍යතාවය, ලිංගික ප්‍රකාශනය, ජීවවිද්‍යාත්මක ලිංගය සහ ලිංගික දිශානතිය යන සියල්ලේම එකතුවකි.අද සටහන ඒ පිළිබඳවයි.

1.ලිංගික අනන්‍යතාවය(Gender Identity)


ගැහැණිය(Woman)              අනන්‍යතාවය හඳුනාගතනොහැකි(Genderqueer)                     පිරිමියා(Man)

ලිංගික අනන්‍යතාවය යනු ඔබේ මනස ඔබ ගැන සිතන ආකාරයයි. යම් හෙයකින් තමන් ගැහැණු හෝ පිරිමි හෝ ලෙස පැහැදිලිව හඳුනාගත නොහැකි පුද්ගලයින් Genderqueer ලෙස හඳුන්වන අතර ඔවුන් තමන්ව හඳුනාගන්නා ආකාරය විවිධාකාර විය හැක.

bigender, pangender - පිරිමි සහ ගැහැණු දෙවර්ගයම ලෙස
genderless, agender- පිරිමියෙක් හෝ ගැහැණියෙක් හෝ නොවන ලෙස
genderfluid - ලිංග දෙක අතර හුවමාරුවෙමින්
third gender or other-gendered - තමන්ගේ ලිංගික අනන්‍යතාවට නමක් නොයොදන
questioning - ලිංගික අනන්‍යතාවය සහ ලිංගික දිශානතිය මුසුවුණු ඒ අතර අපැහැදිලි පුද්ගලයින්

යම් හෙයකින් පුද්ගලයකුගේ ලිංගික අනන්‍යතාවය , ජීවවිද්‍යාත්මක ලිංගයට නොගැළපෙන්නේ නම් එය හඳුන්වන්නේ සංක්‍රාන්තිලිංගික(transgender) යනුවෙනි.උදාහරණයක් ලෙස යම් පුද්ගලයෙක්ව ඔහුගේ ලිංගික අවයව අනුව උපතේදී පිරිමියෙකු ලෙස හැඳින්වුවද ඔහු තමන්ව ගැහැණියක ලෙස හඳුන්වාගනියි. මෙනිසා එම පුද්ගලයාට පිරිමි පෙනුමක් තිබුණද ගැහැණියක මෙන් ඇඳ පැළඳිමට පෙළඹෙයි.  cross dressers, drag queens, drag kings, transvestites  යන නම් වලින් හඳුන්වන පුද්ගලයින් තමන් සංක්‍රාන්තිලිංගික පුද්ගලයෙක් ලෙස හඳුන්වාගනියි.

2.ලිංගික ප්‍රකාශනය(Gender Expression)

ස්ත්‍රීරූපී(Feminine)                              පුංජායාංගී (Androgynous)                             පුරුෂරූපී(Masculine)

ලිංගික ප්‍රකාශනය යනු සමාජයේ සම්මත ලිංගික භූමිකාව අනුව තමන් ක්‍රියාකරන, අඳින පළඳින, හැසිරෙන සහ අන්තර්ක්‍රියාකරන ආකාරයයි. සම්මත පිරිමි සහ ගැහැණු ලක්ෂණ දෙකම මිශ්‍රව ප්‍රකාශ වන්නේ නම් එය පුංජායාංගී ලෙස සලකයි
.
3.ජීවවිද්‍යාත්මක ලිංගය(Biological Sex)

ගැහැණු(Female)                                        අන්තර්ලිංගික(Intersex)                                 පිරිමි(Male)

ජීව විද්‍යාත්මක ලිංගය යනු ඔබේ සිරුරේ ලිංගික අවයව, හෝමෝන සහ ක්‍රොමොසෝමයි.මෙය තීරණය වන්නේ ඔබේ උපතිනි.

ගැහැණු = යෝනිය, ඩිම්බකෝෂ, XX ක්‍රොමොසෝම

පිරිමි = ශිෂ්ණය, වෘෂණකෝෂ, XY ක්‍රොමොසෝම

අන්තර්ලිංගික = මේ දෙකේ සංකලනයකි

4.ලිංගික දිශානතිය(Sexual Orientation)

විෂමලිංගික(Heterosexual)                       ද්වීලිංගික(Bisexual)                           සමලිංගික(Homosexual)

ලිංගික දිශානතිය යනු ඔබට සාපේක්ෂව ඔබ ශාරීරිකව, ආධ්‍යාත්මිකව, සහ භාවාත්මකව ආකර්ෂණය වන කොටසයි( ඔවුන්ගේ ලිංගය හෝ ලිංගිකත්වය මත පදනම්ව).මේ අනුව සමලිංගිකත්වය යනු ඇබ්බැහියක් හෝ පුරුද්දක් නොවේ. එය එම පුද්ගලයාගේ ලිංගික දිශානතියයි.

ඉහත සඳහන් කළ සියලුම ආකාරයේ විවිධාකාර ලිංගිකත්වයන් ඇති සියල්ලන්ම මනුෂ්‍යයින්ය. ඔවුන් සියල්ලටම මානව සමාජයේ සමානාත්මතාව සහ සාධාරණත්වය හිමිවිය යුතුය.